Saturday, October 3, 2015

Electronic කරන අයට වැදගත් මෘදුකාංගයකි. Fritzing


මම හිතනව මේ මෘදුකාංගය ඉලෙක්ට්‍රොනික්කරන අයට හා Arduino Programming වගේ ඒව කරන අයට ගොඩක් වැද්ගත් වෙයි කියල. මේක PCB පරිපථ නිර්මානය කරන අයටද ඕනි වෙන්න් පුලුවන්. Arduino Programming කරන අයටත් ඕනි වෙයි.

Tuesday, September 29, 2015

Lucky Patcher සමග Android Apps/Games HACK කරමු [NO ROOT]

ඔයාලට මතක ඇතිනෙ මේ App එක. දන්නෙ නැත්තන් ඔන්න මම ගෙනාව. මේකෙන් ඔයාලට පුලුවන් game වල සල්ලි දීල unlock කරන ඒව නොමිලේම unlock කරගන්න. එහෙනම් ඉතින් මේකයි කරන්න තියෙන්නෙ.මුලින්ම පහල තියෙන link එකෙන් app එක download කරගන්න.

Sunday, August 30, 2015

Android Phone එක Mouse එකක් කරන හැටි.


මම ඔයාලට කලින් කිව්ව Phone එක ගේම් කොන්ට්‍රෝලර් එකක් කරන් හැටි. ඒක ඉතින් හොදට වැඩ කලා. මේව laptop එකට විතරක් නෙමේ Desktop වලටත් වැඩ කරනව. මමත් Desktop තමා. එහෙනම් වැඩේට බහිමු.

Sunday, August 16, 2015

ක්‍රිකට් ඉතිහාසයේ හිනා ගිය අවස්ථා

මේ වීඩියෝ එකේ තියෙනව ක්‍රිකට් වල හිනා යන් අවස්ථා ටිකක්.

Friday, July 31, 2015

Android phone එක හෝ iphone එක Computer එකට සම්බන්ධ කර පහසුවෙන් වැඩ කරවා ගන්න මෙන්න Software එකක්

ඔයාල Android phone එක USB Cable එක හරහා Computer එකට හයි කරල කරන්නෙ File එකක් Copy කරන එකනෙ. ඒත් මෙන්න මේ Software එකෙන් පුලුවන් ඊටත් වඩා වැඩ ටිකක්. පහසුවෙන් පරිගනකය හරහා Apps Install කරන්න,phone එක Boost කරන්න, තව Power Saver එකකුත් තියෙනව. මේව විතරක් නෙමෙයි තව තව  වැඩ කොඩක් ලේසියෙන්ම කරගන්න පුලුවන්.

Sunday, July 19, 2015

ඕන GAME එකක් Hack කරමු.


ඔයාල මොකක් හරි Game එකක Mission එකක් ගහන්න බැරි උනාම කරන්නෙ Trainer දාල ගහන එකනෙ. හැබැයි සබහර game වලට තවම Trainer හදල නෑ. ඉතින් ඒ වගේ වෙලාවට මේ software එකෙන් වැඩේ ගන්න පුලුවන්.

Friday, July 17, 2015

Blog Post එකේ HTML හෝ වෙනත් කේත පෙන්නන්නේ මෙහෙමයි.

ගොඩක් අය බලනව කොහොමද HTML code එකක් පෝස්ට් එකට දාන්නෙ කියල. ඔන්න මම ගෙනාව ලස්සන Script එකක්. මේක දැම්මහම ලස්සනට තමන්ගෙ Code එක දාගන්න පුලුවන්.

Tuesday, July 14, 2015

Android Phone එක Gamepad එකක් කරමු.

ඔන්න කාලෙකට පස්සෙ Post එකක් දැම්ම. අද කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් Computer එකේ ගේම් කොන්ට්‍රෝල් කරන විදිය. මෙක නම් නියමයි. Phone එක හරව හරව Game Control කරන්න පුලුවන්.

Wednesday, April 15, 2015

Li-ion බැටරියකට වඩා 20 ගුණයක වේගයෙන් ආරෝපණය වන බැටරියක්

ලැප්ටොප් පරිගණක භාවිත කරන්නන් හට වඩාත් පීඩාකාරී අද්දැකීමක් ලෙස, නිතර නිතර බැටරිය ආරෝපණය කරන්නට සිදු වීම හඳුනා ගත හැකි ය. ආරෝපණ කාලය දීර්ඝ වීමත් සමග, සම්පූර්ණයෙන් ආරෝපණය වන තුරු බලා සිටීමට සිදු වන කාලය ද වැඩි වේ.

Wednesday, April 8, 2015

මැලේසියානු GGK රෙජිමේන්තුව

1963 දී ඉන්දුනීසියාව විසින් සිය අසල්වැසි රාජ්‍ය වූ මැලේසියාව ආක්‍රමණය කිරීමට සැරසෙන විට මැලේසියාවටද එයට ප්‍රභල ලෙස ප්‍රතිචාර දැකිවීය කෙසේ වුවත් ඉන්දු-මැලේසියානු දේශ සීමා ආශ්‍රිත වන ගහනයන්හි සාර්ථකව සටන් වැදීමට මැලේසියානු හමුදාවට සාමාන්‍ය පුහුණුවෙන් බැහැර වූ අති විශේෂ පුහුණුවක් ලැබූ සෙබලුන් අවශ්‍ය විය. Group Gerak khas හෙවත් GGK හමුදා අනු ඛණ්ඩය බිහිවූයේ එලෙසයි.

බර්මියුඩා ත්‍රිකෝණය පිලිබඳ ඔබ නොසිතූ පැතිකඩක්

ලොව පුරා තවමත් විවිධ ස්ථාන වලින් පිටසක්වල යානා දර්ශණය වීම් සුලභව දක්නට ලැබෙන අතර විශ්වය තුල අප හැරෙන්නට තවමත් බුද්ධිමත් ජීවීන් සිටින බව දැන් ප්‍රත්‍යක්ෂය. කෙසේ වුවත් පියසක්වල ජීවීන් මොලොවට පැමිණෙන්නේ කෙලෙසද ? අප දන්නා තරමින් අපට විද්‍යාත්මකව නිරීක්ෂණය කළ දුරක ජීවීන් අඩංගු ගුහ ලොවක් නොමැත.

DATA සකසුරවම හෙවත් මාසයට හිමි දත්ත ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම

බොහෝ දෙනා භාවිත කරන්නේ මාසයක් සඳහා නියමිත දත්ත ප්‍රමාණයකට නිශ්චිත ගාස්තුවක් ගෙවිය යුතු අන්තර්ජාල සේවා ය. මෙම නියමිත දත්ත ප්‍රමාණය ඉක්ම ගිය පසු ඔබට අතිරේක දත්ත වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදු වන අතර, සැලකිලිමත් ව කටයුතු කිරීමෙන් එම තත්ත්වය මගහරවා ගත හැකි වේ.

Fan electric ගුවන් යානය

විවිධ විලාසිතාවන් ගේ යතුරුපැදි, මෝටර්රථ දිනෙන් දින වෙළෙඳපොළ ආක්‍රමණය කරයි. මේ අතර ඇතැම් සමාගම් නා නා මාදිලියේ ගුවන් යානා නිෂ්පාදනයට ද අත ගසා තිබෙනු දක්නට ලැබේ. Airbus සමූහයට අයත් E-Fan electric වෙතින් සිය ප්‍රථම ගුවන් යානය නිෂ්පාදනය වන්නේ ද මේ අනුව ය.

Sunday, April 5, 2015

ලොව අද්විතීය සුපිරි ලැප්ටොප් පරිගණක 10 මෙන්න!

වර්තමානය වන විට කුඩා දරුවා ගේ සිට වැඩිහිටියා දක්වා අනිවාර්යයෙන් භාවිත කරන උපකරණයක් බවට ලැප්ටොප් පරිගණකය පත් ව තිබේ. තත්ත්වයෙන් උසස් ලැප්ටොප් පරිගණකයක් යනු බොහෝ දෙනා ගේ සිහිනයකි. අප මේ කතා කරන්නට සූදානම් වන්නේ ලොව සුපිරි ලැප්ටොප් පරිගණක 10 පිළිබඳ ව යි.

පරිගණකයත් ඇන්ඩ්‍රොයිඩ් කරන්න ක්‍රම 4ක්

ඇන්ඩ්‍රොයිඩ් යනු, Smart ජංගම දුරකථන හා ටැබ්ලට් පරිගණක සඳහා අතිශය ජනප්‍රිය වූ මෙහෙයුම් පද්ධතියකි. එහෙත් ඉන් ඔබ්බට ගොස්, ඔබේ පරිගණකයටත් මෙම මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ කර ගත හැකි බව ඔබ දන්නවා ද? එවිට එම පරිගණකයෙහි එකිනෙකට වෙනස් මෙහෙයුම් පද්ධති දෙකක් ක්‍රියාත්මක වනු ඇත.

Thursday, April 2, 2015

Youtube වීඩියෝ ලේසියෙන්ම Download කරමු

ඔයාල යූටියුබ් වීඩියෝ එක එක විදියට Download කරනව ඇති. සමහර විට Software එකකින්, නැත්තන් IDM වලින් වගේ. දැන් මම කියන්නෙ Software නැතුව ලේසියෙන්ම Video Download කරන හැටියි. මේකත් අර කලින් වගේ ADD-ONS එකක්. මේක තමන්ගෙ Browser එකට Install කර ගන්න.

Friday, March 27, 2015

වෙබ් අඩවි වල තියෙන AD වලින් නිදහස් වෙමු.

කොඩක් වෙබ් අඩවි වල තියෙන් POP UP ඇඩ් වලින් බේරෙන්න විදියක් තමයි මම දැන් කියන්නෙ. කරන්න් තියෙන්නෙ මෙන්න මේ ADD ONS එක ඔයාගෙ WEB BROWSER එකට INSTALL කරන එක විතරයි.

හිනා කාල මැරෙන්න මෙන්න වීඩියෝ ටිකක්.

ඔන්න මම ගෙනාව හිනා වෙන්න පුලුවන් වීඩියෝ ටිකක්. මේවට් තමා කියන්නෙ හිනා කාල මැරෙනව කියල.

Thursday, March 26, 2015

තව පොඩ්ඩෙන් ඉවරයි !

ඔන්න මම ගෙනාව 99.9 බේරුන අය ඉන්න Video ටිකක්. හිනාත් යනව බලද්දි. බලන්නකො කොහොමද කියල.

Tuesday, March 24, 2015

පුලුවන් නම් හොයන්න..!



ඔන්න මං මේ සැරේ ටිකක් විනෝද වෙන්න කියල පොඩි රූප ටොකක් ගෙනාව. මේව වල මොකක් හැරි හැංගිලා තියෙනව. පුලුවන් නම් හොයන්න..එච්චර අමාරු නෑ.. ලේසියි.. බලන්නකෝ....

මේවට තමා වැඩ කියන්නෙ...!


ඔන්න මං මේ සැරේ Video ටිකක් ගෙනාව. වැඩ කියන්නෙ ඉතින් මේවට තමා....

Monday, March 23, 2015

Sinhala ටයිප් කරන්න දන්නෙ නැද්ද? එහෙනම් මෙන්න බාන්ඩේ..

ගොඩක් අය සිංහල ටයිප් කරන්න දන්නෙ නෑ. ඉතින් ඒකට හරියන්න පොඩි Software එකක් හම්බ උනා. මේකෙදි අපි Singlish වලින් ටයිප් කලාම එසැනින් Sinhala බවට පත් වෙනව.

නත්තල් සීය මාලු බලන්න ගිහින් !

ලෝකෙ එක එක තැන් වල නත්තල් උත්සවය එක එක විදි වලට සමරනනෙ. ඒත් ඔයාල අහල තියෙනවද වතුර යට හරි මුහුද යට හරි නත්තල් සමරනව. මේ තියෙන්නෙ නත්තල් සීය මාලු බලන්න ගිය අවස්තාවක්.

ලෝකයේ අලංකාරම සහ පුදුමාකාර ස්ථාන !


මම දැන් කියන්න යන්නෙ ලෝකෙ තියෙන ලස්සනම, ඒ වගේම පුදුමාකාර ස්ථාන කිහිපයක් ගැනයි. බලන්නකො මේ දාල තියෙන දිය ඇලි, කදු, නගර හා තවත් ලස්සන ස්ථාන ටික කොහොමද කියල.

Friday, March 13, 2015

Windows 7 වල Mouse Cursor එක වෙනස් කරමුද?

හැමදා ම දාගෙන ඉන්න Mouse Cursor Pointer එක එපා වෙලා ද තියෙන්නෙ. තමන්ට කැමති එකක් Download කරල දාගන්න විදියයි දැන් කියන්න යන්නෙ. එච්චර දෙයක් කරන්න නෑ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු.

Friday, February 20, 2015

ඔයාගෙ BLOG වල Comment එකටත් Smileys දාමු

ඔයාලත් දැකල ඇති සමහර බ්ලොග් Comments වල ලස්සන හිනා වෙන මුහුණු දාල තියෙනව. දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද ඒව දාන්නෙ කියල. ඒකත් හරිම ලේසියි. මම මේ දෙන HTML code එක ඔයාගෙ බ්ලොග් එකේ HTML/javascript එකක් විදියට දා ගන්න. එතකොට වැඩේ හරි. පහල තියෙන ලින්ක් එකෙන් කෝඩ් එක අරගන්න.

ඔයාගෙ Blog එකෙත් Mouse Cursor එක වෙනස් කරමු

ගොඩක් බ්ලොග් අඩවිවල Mouse Cursor එක වෙනස් කරල තියෙනව. මම දැන් කියල දෙන්න යන්නෙ කොහොමද ඒක කරන්නෙ කියල. මම දෙන මේ HTML කෝඩ් එක ඔයාගෙ බ්ලොග් එකේ HTML/Javascript Gadget එකක් විදියට දා ගන්න. එතකොට වැඩේ හරි.

Saturday, February 14, 2015

Google Earth හි පුදුමාකාර ස්ථාන 50 ක්.

හැමෝම දන්නවනෙ Google Earth ගැන. අහසෙ ඉදන් බලනව වගේ ලෝකෙ ඕනම තැනක් බලන්න පුලුවන්නෙ. එහෙම බලද්දි හරි පුදුමාකාර ස්ථානත් හම්බ වෙනව. මේ තියෙන්නෙ ඒ වගේ ස්ථාන 50 ක්. හරිම පුදුමාකාරයි.

Tuesday, February 3, 2015

ADFLY වලින් ලේසියෙන්ම සල්ලි හොයන්න මෙන්න Software එකක්


ගොඩක් අය ADFLY වලට register වෙලා ඇතිනේ. ඒත් Click කරන්න කට්ටිය නැත්නම් මෙන්න ඒකට විසදුම. මේකෙන් Auto Click වෙනව. අරගෙනම බලන්න. මාත් Use කරනව. හරිම ලේසියි. Install කරන්න දේකුත් නෑ.

Monday, January 26, 2015

Game ගහන අයට නැතුවම බැරි Software එක


ගොඩක් අයගෙ Computer වල සමහර Game Slow වෙනව. ඉතින් ඒක ටිකක් හරි මගහරවා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මම දැන් කියන්නෙ. මේක Game Booster එකක්. මේකෙදි අනවශ්‍ය Process ඉවත් කර ගේම් එක වේගවත් කරනව. පහල තියෙනව Link.

තමන්ගෙ Computer එකෙන් වෙනත් කෙනෙක්ගෙ Computer එකක් පාලනය කරමු

තමන්ගෙ Computer එකෙන් යාලුවෙක්ගෙ Computer එකක් පහසුවෙන් පාලනය කරන්න පුලුවන් ක්‍රමයක් තමයි මම දැන් කියන්නෙ.මේකත්  පොඩි Software කෑල්ලක්. මේක හරිම ලේසියි. ඒ වගේම වේගවත්. ගොඩක් කට්ටිය පාවිච්චි කරනව. ඔයාලත් කැමතිනම් Download කරන්න. මෙන්න පහල තියෙනව Link එක.

Friday, January 23, 2015

4වැනි පරම්පරාවේ බහුකාර්ය ජෙට් ප්‍රහාරක යානාව McDonnell Douglas F 15 Strike Eagle


මැක්ඩොනෙල් ඩග්ලස් F15 ස්ට්‍රයික් ඊගල් යානය සියලු කාළගුණ තත්වයන් යටතේ බහුකාර්ය මෙහෙයුම්වල යෙදැවිය හැකි යානයකි. සහයක යානා හෝ පරිවාර යානා නොමැතිව දිගුදුර මෙහෙයුම්වල යෙදීම සඳහා නිර්මාණය කොට ඇති මෙම යානය අධිවේගී යානා ගණයට අයත්ය.1976 වසරේ අමෙරිකානු ගුවන් හමුදාවට හඳුන්වාදුන් මැක්ඩොනෙල් ඩග්ලස් F15 ඊගල් ප්‍රහාරක යානයේ වැඩිදියුණු කිරීමක් වන ස්ට්‍රයික් ඊගල් යානය හැම අතින්ම විශිෂ්ඨ යානයක් බව අවිවාදයෙන් පිලිගැනේ. 1989දී සක්‍රිය සේවයට එක්වුනු ස්ට්‍රයික් ඊගල් යානය වසර 2025 ඉක්මවා සක්‍රිය සේවයේ තබාගැනීමට අමෙරිකන් ගුවන් හමුදාව බලාපොරොත්තුවේ.

2014 වසරේ ලොව මිළ අධිකම කාර්

2014 වසරේ මිළෙන් අධිකම මෝටර් රථ 10 මොනවාදැයි Forbes සඟරාව නම්කර තිබෙනවා. මේවායේ මිල ගනන් අමෙරිකානු ඩොලර් වලින් දක්වා ඇති අතර, වර්තමානයේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 131ක් සේ සලකා ඒවායේ රුපියල් වටිනාකම ඉදිරිපත් කර ඇත.

චිත්ත බලයෙන් දුර සිටින අයකු හා අදහස් හුවමාරු කර ගත හැකිද? නවතම විද්‍යාත්මක පර්යේෂණයේ තතු හෙලිවේ

චිත්ත බලයෙන් දුර ඈත සිටින අයෙකු හා අදහස් හුවමාරු කර ගැනීම ගැන අනාදිමත් කාලයක සිට විවිධ අදහස් හුවමාරු වෙනවා. ටෙලිපති ලෙසින් කලක් මේ විෂය පිළිබඳ කථා බහක් ගොඩ නැගී තිබුනා කෙසේවුවත් මෑතකදී කල පර්යේෂණයක වාර්තාවක් නිසා විදු ලොව අවධානය මේ දෙසට යොමුව තිබෙනවා. විද්‍යාඥයාගේ දෑස් පිටතින් ආලෝකයක් හෝ නොපෙනෙන සේ බැඳ තිබුණා. පිටතින් කිසිදු හඬක් නොඇසෙන සේ දෙකන්වලට ඇබ ගසා තිබුණා. අති නවීන පර්යේෂණාගාරයක් ඇතුළේ මේ විධියට ඇස් බැඳ, කන් වසා තිබුණේ ආචාර්ය මයිකල් බර්ග් (Dr Michel Berg) නම් විද්‍යාඥයාගෙයි. ඊසානදිග ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලයේ තමයි, මේ විස්මිත පර්යේෂණය සිදු වුනේ


මේ අපූරු පර්යේෂණය හා සම්බන්ධ වූ අනෙක් පර්යේෂණාගාරය පිහිටියේ සැතැපුම් 5000ක් පමණ දුරින් ඉන්දියාවේ කේරලයේයි. එහි මේ ආකාරයන් ම ඇස් බැඳ කන්වල ඇබ ගසා සිටියේ ස්පාඤ්ඤ ජාතික තරුණ විද්‍යාඥයෙකි. ඔහු ආචාර්ය ඇලියන්ද්‍රෝ රියිරා (Dr Alejandro Riera) යි. මේ විස්මිත පර්යේෂණය සිදු කෙරුණේ පසුගිය මාර්තු 28 වැනිදායි. ඉතා රහසිගතව සිදු කෙරුණු මෙම අපූරු පර්යේෂණයෙන් ඔප්පු වූ කරුණු හෙළිදරවු වූයේ පසුගිය දා මේ පර්යේෂණය පිළිබඳ විද්‍යාත්මක වාර්තාව ‘ප්ලොස් වන්’ (telepathy) නම් අන්තර් ජාල ජර්නලයෙන් ප්‍රසිද්ධ වීමත් සමගයි. 2014 මාර්තු 28 වැනිදා, හරියටම සැතැපුම් 4600ක් ඈතින් පිහිටි නවීන තාක්ෂණික පහසුකම් ඇති විද්‍යා පර්යේෂණාගාර දෙකක එක ම වේලාවක වාඩි වී හිඳ ගෙන, කිසිම සන්නිවේදන උපකරණයක් භාවිත නොකර මේ විද්‍යාඥයන් දෙදෙනා සිතෙන් පණිවිඩ දෙකක් හුවමාරු කර ගත්තා.


මේවා කලින් අප අත්දැක තිබුණේ විද්‍යා ප්‍රබන්ධවලයි. රෑපවාහිනියේ විකාශයවුන් ජයන්තචන්ද්‍රසිරි මහතාගේ අකාල සන්ද්‍යා නම් ටෙලි නාට්‍ය තුලක් මෙලෙස ඉන්දියාවේ සිටින යෝගී වරයෙකු සමග මනසින් අදහස් හුවමාරැ කර ගන්නවා ඔබ දැක ඇති. සිතකින් සිතකට පණිවිඩ යැවීම නවීන විද්‍යාවෙන් මෙතෙක් ඔප්පු කර තිබුණේ නැහැ. මේ එවැන්නක් විද්‍යාත්මකව ඔප්පු කළ හැකි ආකාරයට සිදු කළ පළමු වැනි පර්යේෂණය මෙය විය හැකියි. මොවුන්ගේ අරමුණ වුණේ, මිනිස් පසිඳුරන් කිසිවක් භාවිත නොකොට, ඔවුන් විසින් කලින් සැලසුම් නොකළ සරල පණිවිඩ දෙකක් ඒ මොහොතේ එකිනෙකා අතර හුවමාරු කර ගැනීමයි. ඇත්තෙන්ම මේ ක්‍රමය සතුන් නම් ඔවුනොවුන් අතර පණිවිඩ හුවමාරු කිරීමට සහස් වස් කාලයක් තිස්සේ භාවිත කළ එකක්. ඔබ ද ඔවුන් අපේක්ෂා කළේ ‘කෙළින් ම සිතකින් සිතකට තාක්ෂණික සන්නිවේදනයක් කරනවා වාගේ පණිවිඩයක් යැවීමටයි. මෙය අප හඳුන්වන්නේ ‘පරචිත්තවිජානනය’ (telepathy) යන වදනෙන්.


සිතිවිල්ලක් සැතැපුම් දහස් ගණනක් ඈත ඉන්නා කෙනකු සමග විද්‍යාත්මකව හුවමාරු කර ගන්නා මේ අපූරු පර්යේෂණ අවස්ථාව ඒ පර්යේෂණයට එක් වූ විද්‍යාඥයන් දෙදෙනා ඇතුළු නිරීක්ෂකයන් කීපදෙනා අතර රහසක් වශයෙන් තබා ගැනීමට ඔවුන් ආරම්භයේදීම කතා කර ගෙන තිබුණා. පසුගිය දා මෙහි විද්‍යාත්මක වාර්තාව, අනෙකුත් විද්‍යාඥයන් විසින් ද පරීක්ෂා කර බලා, අන්තර් ජාලය හරහා ප්‍රසිද්ධ කරනතුරු ඒ රහස ඔවුන් විසින් රැක ගනු ලැබුවා. මේ වාර්තාව ඉතා දිගු එකක්. එහි ඇති විස්තර අසන්නන්ට පහසුවෙන් තේරුම් ගන්නට අපහසු විදුහුරු බසකින් තමයි ලියලා තියෙන්නේ. ඒත් එහි හරය වන්නේ ආචාර්ය බර්ග් හා ආචාර්ය රියිරා යන විද්‍යාඥයන් දෙදෙනා අතර ‘මොළයෙන් මොළයට යැවෙන විධිමත් සන්නිවේදනයක්’ සාර්ථකව ඉටු කර ගත් බවයි.


මේ දෙදෙනා හුවමාරු කර ගත්තේ පුංචි වචන දෙකක්. ඒ වුණාට එය සනිටහන් කළේ මානව ඉතිහාසයේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ තමා විද්‍යාත්මක ලේඛන ගත කළ ලොව ප්‍රථම චිත්තබලයෙන් කළ සංවාදය හැටියට වාර්තාවන්නේ. ඔවුන් හුවමාරු කර ගත්තේ ස්පාඤ්ඤ භාෂාවෙන් ‘ ඕලා’ (hola) යන වදනත්, ඉතාලි භාෂාවෙන් ‘ච්යා ඕ’ (ciao) යන වදනත්. ඒවා භාෂාවලින් සුබපැතීමට යොදා ගන්නා වදන්. හරියට ඉංගිරිසියේ ‘හලෝ’ කියනවා වාගේ.


”අපි මේ පරීක්ෂණයෙන් ඔප්පු කළා රූප, ශබ්දය, ගන්ධ, රස, ස්පර්ශ යන පංචේන්ද්‍රියන්ගෙන් තොරව දුර සිටින දෙදෙනකු අතර මානසිකව පණිවිඩයක් හුවමාරු කර ගත හැකි බව.” ආචාර්ය බර්ග් මේ තොරතුරු හෙළි කළ දා ප්‍රකාශ කළා. ”මෙය ඇත්තෙන්ම ආරම්භක පරීක්ෂණයක් විතරයි. මෙය සාර්ථක වීම නිසා මේ ඔස්සේ විශාල පෙරළියක් අනාගතයේ දී අපේ ශිෂ්ටාචාරය තුළ සිදු වේවි. ඇත්තෙන්ම, විද්‍යාත්මකව චිත්තබලයෙන් කළ හැකි දේ අසීමිතයි.”


ආචාර්ය බර්ග් කියන්නේ අනාගතයේ දී මෙම චිත්ත පණිවිඩ යවන ක්‍රමය විද්‍යාත්මකව යැවීම ආරම්භ කළ විට, අංශභාගයට ලක් වූ අයට, සිරුරේ අත් පා කොටස් අධෝකායභංගීනට (paraplegics), ස්නායු පද්ධතියේ අකි‍්‍රයතා ඇති අයට, තමන් පලඳින කෘති‍්‍රම පාදවලට පණිවිඩ යවන්න මේ ක‍්‍රමය උපයෝගී කර ගත හැකි බවයි. ඒ වගේ ම කතා කළ නොහැකි අයට මේ ක්‍රමයෙන් වෙනත් අයට සිතෙන් පණිවිඩ යැවිය හැකි වේවි. ”නිදසුනක් වශයෙන් කෝමාවකට පත් අයකුට, අනෙක් අයට තමන්ට අවශ්‍ය දේ දැන්වීමට දැනට කිසිදු ක්‍රමයක් ඇත්තේ නැහැ. ඒත් මේ නව සොයා ගැනීමෙන් ඔවුන්ටත් සන්නිවේදන හැකියාව ලබා දිය හැකි වෙනවා.” ආචාර්ය බර්ග් කියනවා. ඒ විතරක් නොවෙයි, වෛද්‍ය ක්‍ෂේත්‍රයෙන් පිට එනම්, යුදබිමේදී ඝෝෂාකාරී ශබ්ද මැද තම සගයන් සමග සිතෙන් අදහස් හුවමාරු කර ගන්නට යම්දිනක හැකි වේවි. චන්ද්‍රිකා තාක්ෂණ හා ගුවන්විදුලි පණිවිඩ හුවමාරු බිඳ වැටුණු විට පවා සම්බන්ධතා නොබිඳී පවත්වා ගෙන යා හැකි වේවි. දුරකතන නොමැතිව පවුලේ උදවියට දුර සිටින එකිනෙකා හා කතාබස් කළ හැකි වේවි.


අනාගතයේ දී පොලිසියට හා උසාවියට සැකකරුවන්ගේ සිත් කියවීමට මේ ක්‍රමය ප්‍රයෝජනවත් වේවි. ඒ විතරක් නෙවෙයි, මෙහි තවත් පැත්තක් මේ පර්යේෂණය ව්‍යාපෘතියට එක් වූ විශේෂඥයකු වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චාල්ස් ග්‍රෝ (Dr Carles Grau) පෙන්වා දෙනවා. ”මෙය මොළ දෙකක් අතර කෙරෙන පණිවුඩ හුවමාරු කි‍්‍රයාවලියකට මග පාදන්නක් නිසා ඒ සඳහා අවසර ලැබෙන පරිදි පුද්ගල ආරක්ෂාව පිළිබඳ නව නීති සකස් කරන්නත් සිදු වේවි.” මහාචාර්ය ග්‍රෝ කියනවා. පරචිත්තවිජානනය බෞද්ධ අපට නුහුරු වදනක් නොවෙයි. බුදුන්ට හා රහතුන්ට අන් අයගේ සිත් කියවීමේ හැකියාව තිබූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. අධිමානසික බලය ලද කෙනකුට අනිත් අයගේ සිත් කියවිය හැකි බව අපි අහල තියෙනවා.


ජංගම දුරකථන හෝ කථා කරන්නාගේ අනන්‍යතාව දැක්වීමේ ක්‍රමය එන්නට බොහෝ කලකට පෙර සමහර අයට හැකියාව තිබුණා, ටෙලිෆෝනය නාද වන විට ඒ කථා කරන්නේ කවුරුන්දැයි කල් තියා කියන්නට. මටත් ඒ හැකියාව තියෙනවා, මගේ එක් මිතුරකු වෙනුවෙන්. ඔහු දුරකථනයෙන් මා අමතන හැමවිටම මට ඒ බව දුරකථනය නාද වෙන කොටම කියන්න පුළුවන්. එක හා සමාන නිවුන්නුන්ට ඔවුන් කෙතරම් දුරින් සිටියත් එකිනෙකාගේ හැඟීම් හා අදහස් කියවිය හැකි බවට මතයක් සමාජයේ තියෙනවා. එවන් ප්‍රකට නිවුන් දෙදෙනකු ලෙස ජේම්ස් ලෙවිස් හා ජේම්ස් ස්පි‍්‍රන්ජර් දක්වන්න පුළුවන්. 1940 ගණන්වල ඇමරිකාවේ ඔහියෝවල උපන් මේ දෙදෙනා ඉතා දුර ප්‍රදේශ දෙකක වෙන්වෙන්ව පවුල් දෙකක හදා වඩා ගනු ලැබුවා. තමන් නිවුන්නු බව නොදැන, කිසිම සම්බන්ධයක් නැතිව, සිටි මේ දෙදෙනා වසර 39 කට පසුවයි පළමු වතාවට මුණ ගැහුණේ. ඒ වන විට ඔවුන් දෙදෙනාම ලින්ඩා යන එකම නම ඇති කාන්තාවන් දෙදෙනකු විවාහ කර ගෙන සිට පසුව ඔවුන්ගෙන් දික්කසාද වී විවාහ වී ඇත්තේ බෙටී නම ඇති කතුන් දෙදෙනකු සමගයි. එපමණක් නොව ඔවුන් එක හා සමාන අධ්‍යාපන සුදුසුකම් ලබා එක සමාන රැකියාවල නිතරව සිටියා. ඔවුන්ගේ සුරතල් සුනඛයා ඇමතුවේද ‘ටෝයි’ කියන එකම නමකින්. මේ සියල්ල සමාන වූයේ ඔවුන් නොදැනුවත්වම එකිනෙකා සමග සිතිවිලි හුවමාරු කර ගත් නිසා බව පැහැදිලි කරුණක්.


ආචාර්ය බර්ග්ගේ පර්යේෂණයේ දී ඔවුන්ට සහය වුණේ ස්ට්‍රාරාස්බර්ග් පර්යේෂණායතනය, පමණක් නොවෙයි. ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයත්, ස්පාඤ්ඤයේ ස්ටාලැබ් පර්යේෂණාගාරයත් සමග ඇක්සිලම් නම් රොබටික නිර්මාණ කරන සමාගමකුත් ඊට එක් වුණා. ඒ පරීක්ෂණයෙන් මිනිස් මොළය තුළ චිත්ත බලය ඇති හෝ නැති බව ඔප්පු කරන්නට ඔවුන් වෙහෙසුණේ නැහැ. ඔවුන් කළේ මොළයකින් මොළයකට සන්නිවේදනය කළ හැකි බව පෙන්වා දීම පමණයි. මේ සංකීර්ණ පර්යේෂණය සඳහා ඔවුන් විසින් ප්‍රබල පරිගණක ගණනාවක්, රොබෝ යන්ත්‍ර පමණක් නොව මොළයෙන් නිකුත් වෙන විද්යුත් ධාරාවන් මනින්නට හැකි විද්‍යුත් නිකර්පරේඛන යන්ත්‍ර සහ ඒවා සම්බන්ධ වීමට අවශ්‍ය සුවිශේෂ සිරස් කැප් දෙකක් ද යොදා ගත්තා. පරීක්ෂණය පටන් ගත්තේ ඉන්දියාවෙන්. ආචාර්ය රියිරා මේ එක් සිරස් කැප් එකක් පැලඳ සිටියා. ඔහු හිසෙන් තිරස් හෝ සිරස් චලනයන් කීපයක් කරමින් ‘ච්යා ඕ’ (ciao) යන වචනය සිතෙන් නිකුත් කරන්න තැත් කළා. ඒ අනුව ‘ඊඊජී’ යනුවෙන් හැඳින්වෙන විද්‍යුත් නිකර්පරේඛන (electro-encephalograph) යන්ත්‍ර ඔස්සේ ඒ අවස්ථාවේ දී ඔහුගේ මොළයෙන් නිකුත් වූ විද්‍යුත් ස්පන්දක හසු කර ගෙන ඒවා යාන්ත්‍රිකව ඩිජිටල් ක්‍රමයට 1, 0 යනුවෙන් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. මේ සන්නිවේදනයේ දී ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන් යාන්ති‍්‍රකව පරිවර්තනය කරවීමේ අති සියුම් කාර්යයට පැය භාගයක් පමණ ගත වුණා. ඉන්පසු ව එය ඔහුගේ ලැප්ටොප් එක හරහා ප්‍රරංශයට යවනු ලැබුවා.


මේ අතර ස්ට්‍රෝස්බර්ග් පර්යේෂණායනයේ ආචාර්ය බර්ග් හා අනෙක් ග්‍රාහකයන් දෙදෙනා ඇස් බැඳ යන්ත්‍රයකට සම්බන්ධ කර තිබුණා. ඒ යන්ත්‍රය මගින් ද්විමය පණිවිඩය විද්‍යුත් ස්පන්දක බවට හරවනු ලැබූ අතර ඒවා ඔවුන්ගේ මොළයේ පෙනීම පාලනය කරන අපරකපාල ඛණ්ඩිකාවට යවනු ලැබුවා. ඒ විද්‍යුත් ස්පන්දක යැවූ මොහොතේ ඔවුන්ට දැනුණා, ෆොස්ෆීන ආලෝකයක් ක්ෂණිකව ඇති වී නැති වී යන බව. එය දිස් වූයේ ඔවුන්ගේ ඇස් ඉදිරියෙයි. ඔවුන් සිටියේ සම්පූර්ණයෙන් ම අඳුරු කාමරයකයි. ඒ ෆොස්ෆීන, ග්‍රාහක යන්ත්‍රයක් මගින් ද්විමය කේතවලට පෙරළනු ලැබුවා. ඊළඟට ඒවා ‘ ඕලා’ හා ‘ච්යා ඕ’ යන වදන්වලට යාන්ති‍්‍රක පෙරළා ගැනීමේ කි‍්‍රයාවලියට තවත් පැය භාගයක් ගත වුණා. සිතෙන් එසැණ හුවමාරු කර ගත් පණිවිඩය විද්‍යාත්මකව සනාථ කිරීම සඳහා යන්ත්‍රරසූත්‍ර යොදාගෙන කළ කි‍්‍රයාවලිය සිදු වූයේ ඒ ආකාරයටයි. ”මේ කාර්යය නිවැරදිව සිදුවෙයි කියලා අපට ඒ අවස්ථාවේ දී සිතා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි කටයුතු කළේ සම්පූර්ණයෙන් ම අඳුරු කුටියක සිටයි. අපි දැඩි ලෙස සිත ඒකාග‍්‍ර කර මේ කටයුත්තේ යෙදුණා. කාර්යය අවසන් වූ පසුවයි, අපට දැන ගත හැකි වූයේ පණිවිඩය සියයට 90ත් 95ත් අතර නිරවද්‍යතාවකින් සන්නිවේදනව තිබූ බව.” ආචාර්ය බර්ග් පවසනවා. මේ විද්‍යාත්මක කටයුත්තේ දී පැයක කාලයක් තුළ අකුරු හතරේ වචන දෙකක් හුවමාරු කර ගැනීමත් සංකීර්ණ සංවාදයක් පවත්වාගෙන යාමත් අතර අති විශාල වෙනසක් තියෙනවා. ඒත් මේ ඔස්සේ කරන පර්යේෂණ මගින් ඉදිරි දශක දෙක ඇතුළත ප්‍රයෝජනවත් වන ආකාරයට මේ තාක්ෂණය භාවිත කළ හැකි වනු ඇතැයි ආචාර්ය බර්ග් විශ්වාසය පළ කරනවා, සමහරු මීටත් වැඩි කාලයක් ගත වේවි යැයි සැක පහළ කරනවා. ආචාර්ය බර්ග් ඇතුලූ කණ්ඩායම සිය පර්යේෂණයට පමණ ඉක්මවා වැඩි වැදගත්කමක් දෙන්න හදනවා කියලා චෝදනා කරන අයත් ඉන්නවා.


ඒත් ගත වූ වසර කීපය තුළ ලොව පුරා ස්නායු විද්‍යාඥයන් මොළයකින් මොළයකට පණිවිඩ යැවීම පිළිබඳව සාර්ථක අත්හදා බැලීම් රාශියක් කර තියෙනවා. ගිය වසරේ ඇමරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් මීයකුගේ මොළය විද්‍යුත් ක්‍රමයට මිනිසකුගේ මොළයට සම්බන්ධ කර අනතුරුව මීයාගේ වලිගය ඇඹරූ විට මිනිසාට වලිගය ඇඹරීම යන අදහස ඔහුගේ සිතේ පහළ වූ බව වාර්තා කළා. කොහොම වුනත් මිනිසකුගේ මොළයෙන් තවත් මිනිසකුගේ මොළයට වදන් හුවමාරු කර ගැනීම ගැන කළ පළමු පර්යේෂණය අනුව අපට එකක් පැහැදිලි වෙනවා. තවදුරටත් අපට අපේ රහස් අපේ සිත් තුළ රඳවා තබා ගැනීම අනාගතයේ දී කළ නොහැක්කක් විය හැනි බවයි.

අන්තර්ජාලයේ සොරුන්ගෙන් ඔබගේ තොරතුරු රැකගන්න උපක්‍රම 5ක්

ඔබ දන්නවා ඇති අන්තර්ජාලයේ සැරිසරද්දී ඔබගේ දත්ත සොරකම් කීරීමට සමහරුන් උත්සහ කරන බව, ඔබ සර්ච් කරන දේවල් සහ ඔබගේ ගිණුම් තුල තිබෙන රහස් අංක මෙයට ගොදුරු විය හැක, මෙම උපාංග බාවිතා කරොත් ඔබගේ පෞද්ගලිකත්වය ඔබට රැකගැනීමට හැකිබව සහතික විය හැක.

Thursday, January 22, 2015

ලොව කුඩාම බයිබලය නිපදවේ


දිනෙන් දින සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය තුළ නව නිපැයුමි රාශියක් දිනකට බිහිවේ. එමගින් මිනිසා හා තාක්ෂණය අතර සමිබන්ධතාවය වැඩි දියුණුවේ. ලොව කුඩාම බයිබලය යනු තාක්ෂණයේ උපකාරයෙන් නිපදවූ තවත් නව නිපැයුමකි. මෙම බයිබලය ප්‍රමාණයෙන් ඉතා කුඩා වන අතර එය නැනෝ චිපයක් තුළ අන්තර්ගත වෙයි.

ගිනස් වාර්තා අතරට එක්විමට බලාපොරොත්තුවෙන් සිටින මෙම කුඩා බයිබලය Jerusalem Nano Bible ආයතනය මගින් නිෂ්පාදනය කර ඇත. මෙහි සෑම පැතිකඩක්ම 4.76 ප්‍රමාණයෙන් යුක්ත වේ. සරලම ආකාරයෙන් හැදින්වුවහොත් මෙම බයිබලය ප්‍රමාණයෙන් පුද්ගලයෙකුගේ නියපොත්තකට සමාන වේ. මෙහි අක්ෂර ඉතා කුඩා වන අතර එය කියවීම සදහා අන්වික්ෂයක් අවශ්‍යවේ.

මීට පෙර එක් ආයතනයක් මගින් පසුමිබියක් තරමි වූ ප්‍රමාණයෙන් යුක්ත බයිබලයක් නිපදවා ඇත. මෙහි විශේෂත්වය වන්නේ ගමනක් යාමේදි පවා මෙම බයිබලය භාවිතා කළ හැකි විමය. yelsjsuh'Jerusalem Nano Bible ආයතනය විසින් නිෂ්පාදනය කළ බයිබලය හි විශේෂත්වය වනුයේ මෙය එදිනෙදා අපහසුවකින් තොරව භාවිතා කළ හැකිවීමය. එනමි එය මාලයක් ලෙස පැළදිය හැකි අතර අවශ්‍ය නමි එය ඔරලෝසුවක් තුළට ඇතුළත් කර භාවිතා කළ හැකිවේ. ග්‍රීක භාෂාව යොදාගෙන අක්ෂර ගත කොට ඇති මෙහි එක් මුහුණතක කොටස් 27ක් මුද්‍රණය කර ඇත. සෑම චිපයක්ම සිලිකන් වලින් නිපදවා ඇති අතර එහි පැතිකඩ අගල් 0.19ක් වන අතර චිපය මත ඇති සෑම අකුරක්ම මයික්රෝන 0.18ක පළලකින් යුක්ත වේ. මෙම ආයතනය පවසන අන්දමට මිට පෙර මෙම වාර්තාව ඉසිලුවේ ඉන්දියාවෙන් වන අතර එය 1.1•1.3•0.39 අගල් ප්‍රමාණයක් වේ. දිනෙන් දින සොයා ගැනීමි සිදුවන ලොවටව නැනෝ ප්‍රමාණයෙන් යුක්ත බයිබලයක් නිපදවිමටද මෙම ආයතනය බලාපොරොත්තු වේ.

2015 වර්ෂයේදී අපට අහිමිවී යන තාක්ෂණික නිෂ්පාදන 10 මෙන්න!


සෑම අවුරුද්දකම පාහේ විවිධ අලුත් නිෂ්පාදන වෙළදපලට පැමිණෙන අතර මේ නිසාවෙන් බොහෝදෙනා කැමැත්තෙන් භාවිතාකළ තාක්ෂණික නිෂ්පාදන වෙළදපලෙන් ඉවත්වේ.මෙම අවුරුද්දෙත් මෙහි වෙනසක් දක්නට නොලැබේ. එනමි විවිධ විශාල නාමයන් ඇති විශාල ආයතනයන්ගේ නිෂ්පාදන කිපයක් වෙළදපලෙන් ඉවත්කරගෙන ඇත මෙම දශකය තුළ සිදුවූ එනමි මෙම වර්ෂය තුළ සිදුවූ විශාලතම වෙළදපල ඉවත්කරගැනිම වන්නේ Microsoft ආයතනය මගින් Windows XP සදහා ලබාදෙන දායකත්වය නැවැත්විමය. මෙයට හේතුව වන්නේ ලොව බොහෝදෙනා Windows 8.1 සදහා කැමැත්ත ප්‍රකාශ කිරිමය.

Tuesday, January 13, 2015

LOGON SCREEN එක වෙනස් කරමු

Desktop එකේ Wallpaper එක වෙනස් කලාට Logon Screen background එක වෙනස් කරන්න බෑනේ. ඒකට ඉතින් කරන්න තියෙන්නෙ මෘදුකාංගයක් බාවිතා කරන්න. මේකට හොදම හා පහසුම Software එක තමා Logon Screen කියන්නෙ. 2mb විතර තමා වෙන්නෙ.

Saturday, January 3, 2015

Baidu Antivirus

ගොඩක් අය හිතනව මොකක්ද මේ Baidu antivirus කියන්නෙ කියල. මේකත් සුපිරි වෛරස් ගාර්ඩ් එකක්. ඉතා වේගවත්. සරල ඉන්ටෆේස් එකක් තමයි තියෙන්නෙ. මාත් මේක පාවිච්චි කරන්නෙ දැන් අවුරුදු දෙකක ඉදන්. වැඩිය RAM use කරන්නෙත් නෑ.මාර වේගෙකින් ස්කෑන් වෙනව. Download කරන හැම File එකක්ම පට පට ගාල Scan කරනව. පරිගනකයට බාහිරින් සම්බන්ද වන උපාංගත් Scan කරනව. මේක දාගත්ත කියල පොඩ්ඩක්වත් Slow වෙන්නෙ නෑ.

Friday, January 2, 2015

විද්‍යාවට කැමති අයට මෙන්න බාන්ඩේ

මේ ලිපියෙන් කියන්නෙ Software එකක් ගැන. මේකෙන් ඉලෙක්ට්‍රොනික් පරිපථ වගේ ඒව හදල අත්හදා බලන්න පුලුවන්. ගොඩක් වටින Software එකක්. අරගෙනම බලන්නකෝ කොහොමද කියල. License key එකත් එක්කමයි දෙන්නෙ.

Why ? - විද්‍යාත්මක හේතු පැහැදිලි කරන විශේෂාංගය

ගොඩක් විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම් අදාල ලිපියක් ලිව්ව. ඉගෙන ගන්න කට්ටියට නම් ගොඩක් වැදගත්. කියවලම බලන්නකෝ. මාත් මේක හොයා ගත්තෙ සඟරාවකින්. මේක ගොඩක් වටින හින්ද ඔයාලටත් කියවන්න කියල දැම්ම.

Thursday, January 1, 2015

Blog එකට Twitter කුරුල්ල දාමු

මේ ලිපියෙන් කියන්නෙ ඔයාගෙ බ්ලොග් එක ලස්සන කර ගන්න විදියක්. ගොඩක් අයගෙ බ්ලොග් එකට ඔය කුරුල්ල දාල තියෙන හින්ද මම හිතුව ඔයාගෙ බ්ලොග් එකටත් ඒක දාන විදිය කියල දෙන්න. මෙන්න මේ Code එක ඔයාගෙ බ්ලොග් එකේ HTML/javascript gadget එකක් විදියට දාගන්න.

Desktop එකට සමනලුන් දාමු

ඔන්න කලින් ලිපියෙ කියා දුන්නනෙ පූසෙක් දාන විදිය. අද කියල දෙන්නෙ සමනලුන් දාන විදිය. මේකත් පුංචි සොෆ්ට්වෙයා එකක් තමයි.මේකෙන්නම් RAM එක එච්චර Use කරන්නෙ නෑ.අරගෙනම බලන්නකෝ. 2mb විතර.

L.E.D බල්බ් 24 කින් 230V බල්බයක් හදමු.

සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.2015 පලමු post එක විදියට මම හිතුව electronic ගැන යමක් ලියන්න. දැන් ඉතින් ගොඩක් ගෙවල් වල LED බල්බ් දාන හින්ද මම හිතුව 230v වලින් වැඩ කරන LED බල්බ් එකක් හදන විදිය කියල දෙන්න.එච්චරම අමාරු නෑ. මාත් හදල බැලුව 100% වැඩ කලා.හදලම බලන්නකෝ.

ඔයාගෙ blog එකටත් මල්වෙඩි දාමු.

සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.ඔන්න මම හිතුව 2015 අවුරුද්දට ඔයාගෙ බ්ලොග් එකටත් මල් වෙඩි දාන විදිය කියල දෙන්න. හරියට මගෙ බ්ලොග් එකේ වගේ. කරන්න තියෙන්නෙ පහල තියෙන code එක ඔයාගෙ බ්ලොග් එකට දාන්න විතරයි.