Thursday, January 1, 2015

L.E.D බල්බ් 24 කින් 230V බල්බයක් හදමු.

සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.2015 පලමු post එක විදියට මම හිතුව electronic ගැන යමක් ලියන්න. දැන් ඉතින් ගොඩක් ගෙවල් වල LED බල්බ් දාන හින්ද මම හිතුව 230v වලින් වැඩ කරන LED බල්බ් එකක් හදන විදිය කියල දෙන්න.එච්චරම අමාරු නෑ. මාත් හදල බැලුව 100% වැඩ කලා.හදලම බලන්නකෝ.










මුලින්ම පහල තියෙන බඩු ටික Electronic කඩේකින් අර ගන්න.

අවශ්‍ය උපාංග

1. 100  1/2W  රෙසිස්ටර්  - 2
2. 1uF 400V
පොලිමර් කැපෑසිටර් - 1
3. IN4007
හෝ IN4004 1A ඩයෝඩ් - 04
4. 10uF 160V
කැපෑසිටර් - 1
5. 470K 1/4W
රෙසිස්ටර් - 1
6. 2.8V (30-50mA) Super Bright LED - 24

7. වෙරෝ පුවරුවක් ( තිබේ නම් අවශ්‍ය නැත)
8. 230V වලට ඔරොත්තු දෙන වයර් ( තිබේ නම් අවශ්‍ය නැත)
9. පාස්සන ඊයම් කම්බි ( තිබේ නම් අවශ්‍ය නැත)
10. විදුලි පාහනයක් (බවුත් එකක්) ( තිබේ නම් අවශ්‍ය නැත)
-----------------------------------------------------------------------------------------------------
දැන් පහල තියෙනව පරිපථය. ඒකෙ තියෙන විදියට හදා ගන්න.



විශාල කර නැරබීමට එය මත Click කරන්න.

පරිපථයට විදුලිය සැපයීමෙන් පසු පරිපථය පුරා විදුලිය ඇති බැවින් 
ඇල්ලීමෙන් වලකින්න. තව ද වෙරෝ පුවරුව පිටුපස ඝනකම ඍජුෆෝම් කැබැල්ලක් සවි කිරීමෙන් ආරක්ෂාව වැඩි කරගත හැක.



                   
Comment එකක් දාලම යන්න.


3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. hadapu ekak gananwat wada meka labayi

    ReplyDelete
    Replies
    1. දැන් නම් කඩේ LED බල්බ් රු.200 සිට තියෙනව.අර උඩම රූපෙ තියෙනව වගේ.

      Delete