Friday, January 2, 2015

Why ? - විද්‍යාත්මක හේතු පැහැදිලි කරන විශේෂාංගය

ගොඩක් විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම් අදාල ලිපියක් ලිව්ව. ඉගෙන ගන්න කට්ටියට නම් ගොඩක් වැදගත්. කියවලම බලන්නකෝ. මාත් මේක හොයා ගත්තෙ සඟරාවකින්. මේක ගොඩක් වටින හින්ද ඔයාලටත් කියවන්න කියල දැම්ම.











සෑම ග්‍රහලෝකයකටම සමකයක් තිබේද ?


විද්‍යාත්මකව සමකය යනු ග්‍රහලොවක එක් එක් ධ්‍රැවයේ සිට සමාන දුරකින් පිහිටා ඇති රේඛාවයි. ධ්‍රැව සහිත ඕනෑම ග්‍රහලොවක සමකයක් දක්නට ලැබේ. සියළුම ග්‍රහලෝක නිර්මාණය වන්නේ ධූවිලි අංශු හා වායූන් කේන්ද්‍රික ගුරුත්වයක් තුළ එකිනෙකට සවිවීමෙනි. එබැවින් සියලුම ග්‍රහලෝක සඳහා ධ්‍රැව නිර්මාණය වීම සමාන්‍යය. එබැවින් අප දන්නා සියළු ග්‍රහලෝක වල සමකයක් දක්නට ලැබේ.

අඟහරු ලොවේ වෙලාව මනින්නේ කෙසේ ද?
මෙය දැනටමත් අඟහරු ග්‍රහයා මත විවිධ පරීක්ෂණ පවත්වන යානා නිරීක්ෂණය කරන විද්‍යාඥයින්ට පැන නැගී ඇති ගැටළුවකි. අඟහරු ලොවේ දිනක් ගතවන්නේ පෘථිවියට වඩා මිනිත්තු 40 ක් වැඩියෙනි. එබැවින් අඟහරු ලොව පිළිබඳ පරීක්ෂා කරනු ලබන විද්‍යාඥයන්ට සෑම දිනකම තම වේලාව සීරුමාරු කිරීමට සිදු විය. එබැවින් ඔවුන් එයට පිළියම් ලෙස සිතාමතාම වේලාව ගතවන වේගය අඩු කරන අත් ඔරලෝසු පළඳිති.

ඉහල අහසේ දී ගුවන් යානා අකුණු සැරින් ආරක්ෂා වන්නේ කෙසේද ?
ගුවන් යානයක ලෝහ බඳ සැබැවින්ම දැවැන්ත ෆැරඩේ කුටීරයකි. සරලව පැවසීමේ දී ෆැරඩේ කුටීරයක් යනු පිටතින් ආරෝපණය වන විදුලිය ආරක්ෂිතව ඇතුලට කාන්දු නොකර පිටතට සන්නයනය කරන කුටීරයකි. මීට අමතරව ගුවන් යානා බඳට ඇතුළෙන් විවිධාකාර මට්ටම් කීපයක් පරිවාරක අමුද්‍රව්‍ය අතුරා ඇති අතර මීට අමතරව ගුවන් යානයේ පරිගණක හා විදුලි පද්ධති සියල්ලට පිටතින් පැමිනෙන විද්‍යුත් ආරෝපණ වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත.

 මදුරුවකු දශ්ඨ කළ විට එතැන සම ඉදිමී රිදුම් දෙන්නේ ඇයි ?
මදුරැවකු සම සිදුරු කරන විට පළමු වතාවෙන්ම නිසි ලෙස රුධිර නාලයකට සිය ශුන්ඩාව ඇතුළු කිරීමට නොහැකි වෙයි. එබැවින් බොහෝ විට උට කිහිප වතාවක් සම සිදුරැ කිරීමට සිදුවීම නිසා සමට අමතර හානි සිදුවේ.
මීට අමතරව මදුරැවා විසින් අපගේ රුධිරය කැටි ගැටසීම වලකන ප්‍රෝටීනයක්ද සමට ඇතුළු කරයි. එවිට අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය එම ස්ථානයකට සුදු රුධිරාණු විශාල ප්‍රමාණයක් යවා එම ප්‍රෝටීනය මර්ධනය කරන බැවින් කසන සුළු ගතියක් මෙන්ම සම ඉදිමී ඒමද සිදුවේ.

ලොව ප්‍රබලම කැමරාව කුමක්ද ?
ඇමරිකානු පර්යේෂණ ආයතනය වන DARPA ආයතනය විසින් අභ්‍යවකාශ ගත කර ඇති ARGUS - IS කැමරා පද්ධතියේ ප්‍රධාන කැමරාව Gigapixel 1.8 ක් හෙවත් mega pixal 1800 ක් ප්‍රබල කැමරාවකි. මෙය පෘථිවියට කිලෝමීටර 6 ක් ඉහලින් තිබියදී පැහැදිලිව පොළවේ සිටින එක් පුද්ගලයෙකු පවා පැහැදිලිව ඡායාරූප ගත කිරීමට හැකි අතර මෙහි එක් ඡායාරූපයකට හසුවන භූමි ප්‍රමාණය කිලෝමීටර 7 කට ආසන්නය.

 සියළු මිනිසුන් පෘථිවියෙන් වඳවී ගිය හොත් පෘථිවියේ ප්‍රධාන ජීවියා වන්නේ කවුද ?
මෙම ප්‍රශ්නයේ දුර්මත දෙකක් තිබේ. පළමු වැන්න වන්නේ පෘථිවියේ ප්‍රධාන ජීවියා සැබැවින්ම මිනිසාද යන්නයි. එය මිනිසුන් වන අප විසින් අපවම අධි තක්සේරු කර ගැනීමකි. මිනිසා යනු පෘථිවියේ වැඩිම වශයෙන් ජීවත් වන ජීවියා වත් නොවේ. නිසි ලෙස බලන කළ එම කිරුළට හිමිකම් කියන්නේ බැක්ටීරියා විශේෂයන්ය.දෙවැනි දුර්මතය වන්නේ පෘථිවියේ අන් ජීවීන් පාලනය කරන “ප්‍රධාන ජීවියෙක්“ සිටින බව විශ්වාස කිරීමයි. පෘථිවි ඉතිහාසය දෙස බලන විට මීට පෙර කිහිප වතාවකම ලොව ප්‍රධාන ජීවියා ලෙස පෙනුණු සතුන් සහමුලින්ම වඳවී ගිය අවස්ථා දක්නය ලැබේ. එබැවින් ස්වභාවිකව “ප්‍රධාන ජීවියා“ ලෙස සත්වයෙක් නිර්මාණය නොවේ. උදාහරණ ලෙස මිනිස් බලයෙන් සම්පූර්ණයෙන් තොරවූ ඇමේසන් වනාන්තරයේ සමහර ප්‍රදේශ වල හා ධ්‍රැව ප්‍රදේශවල “ප්‍රධාන ජීවියෙක්“ දක්නට නොලැබේ.

සියළු මිනිසුන් පෘථිවියෙන් පිටවී ගියහොත් ඉක්මනින්ම පෘථිවිය මීට වසර මිලියන තුනකය පෙර තිබූ තත්වයට පත්වනු ඇති අතර සත්ව ගහනය ඉහල යනු ඇත. සමහර විට යම්කිසි නව ජීවියකු අන්‍යයන් පරදා පරිණාමය වනු ඇති නමුත් සියල්ල අවිනිශ්චිතය.

2 comments:

  1. pattane ban :D ara cam eken live map ekak hadaganna puluwan satelite ekakata set karanam :D

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහට එහෙම ඒවත් එයි.

      Delete