Friday, March 13, 2015

Windows 7 වල Mouse Cursor එක වෙනස් කරමුද?

හැමදා ම දාගෙන ඉන්න Mouse Cursor Pointer එක එපා වෙලා ද තියෙන්නෙ. තමන්ට කැමති එකක් Download කරල දාගන්න විදියයි දැන් කියන්න යන්නෙ. එච්චර දෙයක් කරන්න නෑ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු.


මෙන්න මේ  වෙබ් අඩවියට ගිහිල්ල තමන්ට කැමති Mouse Cursor Pointer එකක් Download කරන්න.
Download Mouse Cursors
(මේ වෙබ් අඩවියට ගිහිල්ල තමන්ට කැමති mouse cursor එක තේරුවට පස්සෙ දකුණු පැත්තෙ තියෙන Download කියන ලින්ක් එක ක්ලික් කරන්න.)

මම තෝර ගත්ත ඔය උඩම රූපයේ දාල ලියෙන DIM කියන Mouse Cursor එක. ඒක ගන්න ඕන්නම් මෙන්න මෙතන Click කරන්න.

දැන් Download කරල ඉවරයි. දැන් ඒ File එක open කරන්න. ඒකෙ තියෙන DIM කියන file එක කැමති තනකට Extract කරගන්න. දැන් ඒ Extract කරපු DIM කියන file එක ඇතුලෙ තියෙනව (Installer).inf  කියල File එකක්. ඒක උඩ Right Click කරල Install කියන එක Click කරන්න.

දැන් Desktop එක උඩ Right Click කරල Personalize කියන එකට ගිහිල්ල Change Mouse Pointers කියන එක Click කරන්න. දෙන් ඒකෙ තියෙන Schem කියන තැනින් අපි Install කරපු DIM කියන Mouse Cursor එක තෝරල Apply කරන්න. දැන් බලන්නකො කොහොමද කියල.

0 comments:

Post a Comment