Wednesday, April 15, 2015

Li-ion බැටරියකට වඩා 20 ගුණයක වේගයෙන් ආරෝපණය වන බැටරියක්

ලැප්ටොප් පරිගණක භාවිත කරන්නන් හට වඩාත් පීඩාකාරී අද්දැකීමක් ලෙස, නිතර නිතර බැටරිය ආරෝපණය කරන්නට සිදු වීම හඳුනා ගත හැකි ය. ආරෝපණ කාලය දීර්ඝ වීමත් සමග, සම්පූර්ණයෙන් ආරෝපණය වන තුරු බලා සිටීමට සිදු වන කාලය ද වැඩි වේ.


Power Japan Plus නම් ජපන් සමාගම විසින් Ryden නමින් හැඳින්වෙන කාබන් බැටරියක් හඳුන්වා දීමට සූදානම් වන්නේ මෙම දුෂ්කරතාව මගහරවා ගැනීමේ අරමුණෙනි. මෙහි ආරෝපණ වේගය, සාමාන්‍ය lithium-ion බැටරියක ආරෝපණ වේගය මෙන් 20 ගුණයකි. මෙහි නිෂ්පාදන කාර්යය ද අඩු පිරිවැයකින් සිදු කළ හැකි අතර, පරිසර හිතකාමී බැටරියක් ද වන මෙය, විද්‍ය්‍රත් මෝටර් රථ සඳහා ද යොදා ගත හැකි වේ.
Image Image
බොහෝ කලකට පෙර විද්‍ය්‍රතයෙන් ධාවනය වන මෝටර් රථ, යතුරුපැදි ආදිය වෙත යොමු වූයේ අඩු අවධානයකි. එහෙත් මේ වන විට එම තාක්ෂණය දියුණුවට පත් වෙමින් බොහෝ රටවල සුලබ ව දැක ගත හැකි ක්‍රමවේදයක් බවට පත් ව තිබේ. එවන් පසුබිමක මෙබඳු බැටරියකින් සැලසෙන්නේ මනා මෙහෙයකි.
මෙහි ඉලෙක්ට්‍රෝඩ දෙක සඳහා ම යොදාගෙන ඇති අමුද්‍රව්‍ය වන්නේ කාබන් ය. භාවිතයට ඉතා පහසු සහ විශ්වසනීය අන්දමෙන් නිෂ්පාදන කටයුතු සිදු කර තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය.ය ද පරිසරයේ සුලබ බැවින් අනාගත නිෂ්පාදන කටයුතු සඳහා ද ගැටලුවක් මතු නො වේ.
Image
Li-ion බැටරිවල ආරෝපණ වාර ගණන 1,000කට ආසන්න වුව ද මෙම බැටරිය සතු ව 3,000කට ආසන්න ආරෝපණ වාර සංඛ්‍යාවක් පවතී. බැටරිය රත් වීමක් සිදු නොවන බැවින් සිසිලනය සඳහා අමතර උපාංග අවශ්‍ය නො වේ. නිවෙස්වලින් ඉවත ලන කාබනික අපද්‍රව්‍ය යොදා ගනිමින් මෙම බැටරිය නිෂ්පාදනය කිරීම කෙරෙහි සමාගමේ අවධානය යොමු ව ඇත.
ඉදිරියේ දී වෛද්‍ය උපකරණ සහ සැටලයිට් වෙනුවෙන් ද මෙම බැටරිය යොදා ගැනීමට නියමිත ය.

3 comments: