Wednesday, April 8, 2015

DATA සකසුරවම හෙවත් මාසයට හිමි දත්ත ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම

බොහෝ දෙනා භාවිත කරන්නේ මාසයක් සඳහා නියමිත දත්ත ප්‍රමාණයකට නිශ්චිත ගාස්තුවක් ගෙවිය යුතු අන්තර්ජාල සේවා ය. මෙම නියමිත දත්ත ප්‍රමාණය ඉක්ම ගිය පසු ඔබට අතිරේක දත්ත වෙනුවෙන් විශාල වියදමක් දරන්නට සිදු වන අතර, සැලකිලිමත් ව කටයුතු කිරීමෙන් එම තත්ත්වය මගහරවා ගත හැකි වේ.
ඔබ භාවිත කරන දත්ත ප්‍රමාණය මැන ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් දැක්වීම මෙහි ලා ඉතා වැදගත් වේ. ඔබ ගේ සේවාදායකයාට අදාළ වෙබ් අඩවිය ඔස්සේ, මෙම කටයුත්ත සිදු කර ගැනීමේ පහසුකම සැලසෙනු ඇත. එසේත් නැති නම් ඒ සඳහා වෙන ම සුවිශේෂී වැඩසටහනක් භාවිත කිරීමේ හැකියාව ද පවතී. Windows 8 ඔස්සේ, ඔබ භාවිත කළ දත්ත ප්‍රමාණය දළ වශයෙන් මැන ගැනීමේ පහසුකම සැලසේ. එහෙත් මෙය වඩාත් හොඳ විසඳුමක් නොවන්නේ ඇතැම් විට සේවාදායකයා ගණනය කරන ප්‍රමාණය මෙම ප්‍රමාණයෙන් වෙනස් විය හැකි බැවිනි.
Image
සාමාන්‍යයෙන් අධික දත්ත ප්‍රමාණයක් වැය වන්නේ වීඩියෝ නැරඹීම සඳහා වන අතර, ගුණාත්මක භාවයෙන් ඉහළ වීඩියෝ සඳහා වඩා වැඩි දත්ත ප්‍රමාණයක් වැය වේ. මේ නිසා අනිවාර්ය වීඩියෝ පමණක් නැරඹීමට පෙලඹිය යුතු අතර, එහි දී ද ගුණාත්මක භාවය හැකි තාක් අඩු කිරීමෙන් යම් දත්ත ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව සැලසේ. Netflix සහ YouTube වැනි වෙබ් අඩවි සාමාන්‍යයෙන් සිය වීඩියෝ ප්‍රදර්ශනය කරනුයේ ඉහළ ගුණාත්මක භාවයක් යටතේ ය. එහි දී එය වෙනස් කිරීමේ හැකියාව ඔබට පවතින බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වේ.
Image
නිදසුනක් ලෙස ගත් කල, Netflix අඩවියේ Your Account වෙත පිවිස, Playback settings ඔස්සේ මෙම වෙනස්කම් සිදු කළ හැකි ය. එහි දී පැයට 300 MB දත්ත ප්‍රමාණයක් stream වන ලෙස සකස් කළ හොත්, පැයකට වැය වනුයේ 3 GB දත්ත ප්‍රමාණයකි. YouTube සඳහා ද මෙය බොහෝ දුරට සමාන ය. I have a slow connection. Never play higher-quality video යන්න select කොට තැබීමෙන් සැම විට ම අඩු ගුණාත්මක භාවයක් යටතේ වීඩියෝ වෙත පිවිසීම සිදු වන අතර, එමගින් විශාල දත්ත ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි වේ.
ඔබ භාවිත කරන බ්‍රවුසරය යොදා ගනිමින් ද විශාල දත්ත ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව සැලසේ. click-to-play plugins මෙහි දී විශාල මෙහෙයක් ඉටු කරයි. Flash අන්තර්ගතයක් අඩංගු වෙබ් අඩවිවල මෙම අන්තර්ගතයෙහි දැක ගත හැකි වන්නේ බොහෝ විට වෙළෙඳ දැන්වීම් ය. එහෙත් මේ සඳහා වැය වන දත්ත ප්‍රමාණය විශාල ය. Chrome සහ Firefox වැනි බ්‍රවුසරවල click-to-play plugins enable කොට තැබීමෙන් මෙම Flash අන්තර්ගතය download වීම සිදු නොවන අතර, අළු පැහැති කොටුවක් පමණක් අදාළ ස්ථානයේ දිස් වේ.
images download වීම වැළැක්වීමෙන් ද සැලකිය යුතු දත්ත ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි ය. ඉතා අඩු මාසික දත්ත සැලසුමකට සීමා වීමට සිදු ව තිබේ නම් මෙම ක්‍රමවේදය අනුගමනය කළ හැකි වේ.
Image
ඇතැම් සේවා සපයන්නන්, දිවා සහ රාත්‍රී වශයෙන් වෙන් වෙන් ව දත්ත ගණනය කිරීමක් සිදු කරන බව දක්නට ලැබේ. මේ නිසා download කිරීම් සඳහා රාත්‍රී කාලය වෙන් කර ගත හැක්කේ එම කාලසීමාව තුළ ඔබ අතින් වැඩි දත්ත ප්‍රමාණයක් වැය වීම, දිවා කාලයට සාපේක්ෂ ව අඩු හෙයිනි. download manager යම් යම් දෑ download කළ යුතු කාලය කල් තියා සැලසුම් කොට තිබිය හැකි වේ.
මාසික ව යම් දත්ත රාමුවකට කොටු වීම හිසරදයක් වුව ද ඒ හැර වෙන කරන්නට දෙයක් නැත. නිදහසේ දත්ත භාවිත කළ හොත් ගෙවන්නට සිදු වන මුදල එයට වඩා බොහෝ ප්‍රමාණයකින් වැඩි විය හැකි ය. මේ නිසා කළ යුත්තේ, තමාට වැය වන දත්ත ප්‍රමාණය හඳුනාගෙන එයට සරිලන මාසික දත්ත සැලසුමක් භාවිත කිරීම හා අනවශ්‍ය ලෙස දත්ත භාවිත කිරීමෙන් වැළකීම යි.

4 comments:

  1. මාත් ඉස්සර flash block අනං මනං දාලා තමා data ඉතුරු කරේ :D දැන් නම් වැඩි data package එකක් ට්හියෙන නිසා එච්චර අවුලක් නැහැ

    ReplyDelete
  2. Router එකෙන්ම එන data calculate කරගන්න දන්න කියන gadget එකක් නැද්ද ... :)

    ReplyDelete
    Replies
    1. අහල තියෙන විදියට නම් Router වලින් එන Dala Calculate කරන්න බෑ.(හැබැයි හරියටම දන්නෙ නෑ)

      Delete